Life
වස විස නැති පලතුරු හඳුනා ගන්නා අයුරු
වස විස නැති පලතුරු ලෙස හඳුන්වමින් වෙළෙඳ පොළේ අලෙවි කරන පලතුරුවලට ඇත්තේ
වැඩි ඉල්ලුමකි. මෙම ඉල්ලුම නිසාම එවැනි පලතුරු වර්ගවල මිල ගණන්ද අනෙකුත්
පලතුරු වර්ගවල මිලට වඩා වැඩිය.
වස විස නැති පලතුරු ලෙස හඳුන්වන්නේ කුමන වර්ගයේ පලතුරුවලටද?
වර්තමානයේ
වෙරළු ගෙඩියේ සිට ඇපල් ගෙඩිය දක්වා වස විස එක්කර ඇතැයි කියා ජනතාව තුළ
මතයක් පවතිනවා. ඇත්තටම අප වස විස ලෙස පවසන්නේ යම් පලතුරක අස් වැන්න
වැඩිපුර ලබා ගැනීමට යොදන රසායනික පොහොර වර්ගවලට සහ පලතුරු ඉක්මනින් ඉදවා
ගැනීම සඳහා යොදන රසායන ද්රව්යවලටය.
පලතුරු ඉදවීම සඳහා වර්තමානයේ
බහුලව රසායන ද්‍රව්‍ය යොදාගනු ලබනවා. එසේ නොමැතිව ස්වභාවික අයුරින් පලතුරු
ඉදවීමට ගියහොත් එම පලතුරු අස්වැන්නෙන් සියයට 30 ක් (30%) පමණ අපතේ යනවා.
ශ්‍රී
ලංකාවේ පලතුරු වර්ග ඉදවීම සඳහා භාවිතා කළ හැකි රසායන ද්‍රව්‍යයක් ලෙස
එතරල් (Eඑයර්ක) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර තිබෙනවා. මෙම රසායන
ද්‍රව්‍යය භාවිතා කර කෙසෙල් ගෙඩි ගස්ලබු, අලි ගැටපේර, අඹ ඉද වීම කළ
හැකියි. දින තුනක් ඇතුළත එම පලතුරු හොඳින් ඉදවා ගැනීමට හැකියි.
අන්නාසි, දොඩම්, ලයිම්, දිවුල්, මැන්ගුස් යන පලතුරු වර්ගවලට මෙම රසායනික ද්‍රව්‍යය භාවිතා නොකළ යුතුයි.
එතරල් භාවිතා කළ යුත්තේ හොඳින් පැසුනු පලතුරු වර්ග සඳහාය. නොමේරූ පලතුරු සඳහා මෙය යොදා ගැනීම සුදුසු නැත.
පලතුරු වර්ගවලට මෙම රසායන ද්‍රව්‍යය ස්ප්‍රේ කිරීම හෝ එම රසායන ද්‍රව්‍යයේ ගිල්වීම නොකළ යුතුයි.
මෙම
එතරල් රසායන ද්‍රව්‍යය මගින් සිදු කරන්නේ පලතුරක් ඉදීමට අවශ්‍ය එතලීන්
වායුව නිපදවීම කඩිනම් කිරීමයි. පලතුරක් ඉදෙන්නේ එම පලතුරු ගෙඩිය තුළින්
එතලින් වායුව නිපදවන විටදීයි.
ස්වභාවික ඉදුනු පළතුරක් සහ එතරල් රසායන ද්‍රව්‍යය භාවිතා කර නිපදවු පලතුරක රසයේ ගුණයේ වෙනසක් තිබෙනවාද?
හොඳින්
පැසුණු පලතුරු ගෙඩියක් එතරල් භාවිතා කර නිසි අයුරින් ඉදවුවහොත් එහි රසයේ
ගුණයේ වෙනසක් නැහැ. නමුත් හොඳින් පැසීමට පෙර එම පලතුර ඉදවීමට උත්සාහ
ගතහොත් එහි රසයේ සහ ගුණයේ වෙනසක් තිබෙනවා.
අපි උදාහරණයක් විදිහට
කෙසෙල් ගෙඩියක් අරගනිමු. කහපැහැති කෙසෙල් ගෙඩියක් ඉදී ඇතැයි කියා අප
සිතිය යුත්තේ එහි පොත්තේ පාට ගැන පමණක් සැලකිලිමත් වීමෙන් නෙමෙයි. කෙසෙල්
ගෙඩියේ දාර වැඩි නම් එය හොඳින් පැසුණු ගෙඩියක් නොවෙයි. හොඳින් ඉදුනු
කෙසෙල් ගෙඩියක දාර අඩුයි.
එසේම කෙසෙල් ගෙඩිය ලෙල්ලෙහි කලු පැහැති තිත් ඇත්නම් එය කාබයිට් වැනි රසායන ද්‍රව්‍යයක් යොදා ඉද වූ ගෙඩිය.
කෙසෙල්
කැනක ගෙඩි ඉදෙන්නේ කැනේ පහළ ගෙඩිවල සිට ඉහළටයි කාබයිට් යෙදූවිට මුළු
කෙසෙල් කැනේම ගෙඩි තැන තැන කහ පාට වී තිබෙනු දැකිය හැකියි.
මෙවැනි පලතුරුවල රසයේ වෙනසක් ද තිබෙනවා.
අඹ
ගෙඩියක් හොඳින් පැසී ඉදුනුවිට එම ගෙඩියේ ඇටය ශක්තිමත්ව තිබෙනවා. ඇටය
ශක්තිමත් නැතිව ගෙඩිය කහපාටට පවතිනවා නම් එය කාබයිට් වැනි රසායන
ද්‍රව්‍යයන් භාවිතා කර ඉද වූ පලතුරු විය හැකියි.
හොඳින් පැසුණු පසු
ඉදුනු පලතුරක සුවඳ තිබෙනවා. එනිසා පලතුරක් තෝරා ගන්නා විට පාට පිළිබඳව
සැලකිලිමත් වනවා වගේම සුවඳ ගැනත් සැලකිලිමත් වුවහොත් හොඳ පලතුරක් මිලදී ගත
හැකියි.
හොඳින් ඉදුනු අඹ ගෙඩියක් අප ආහාරයට ගත යුත්තේ ලෙල්ලත්
සමගයි. අඹ ගෙඩියේ ලෙල්ලේ විටමින් අඩංගුයි. නමුත් අප බොහෝ දෙනා ලෙල්ල සමඟ එය
ආහාරයට ගන්නේ නැහැ. ලෙල්ල සමඟ ආහාරයට ගත්විට බඩේ අජීර්ණ ඇති වේ යෑයි කියා
බිය වෙනවා. එසේ වන්නේ හොඳින් ඉදී නැති අඹ කෑමට ගැනීමේදීය.
වර්තමානයේ
බොහෝ ආන්දෝලනයට ලක්ව ඇති පලතුරක් ලෙස ඇපල් හැඳින්විය හැකියි. මෙම පලතුරු
කල් තබා ගැනීම සඳහා ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය එක්කර තිබෙනවාද?
ඇපල්
කල් තබා ගැනීම සඳහා වැක්ස් වර්ගයක් ආලේප කරනවා. එය ආහාරයට අහිතකර නැහැ.
ඇපල් ගෙඩියේ අලවා ඇති ලේබලය සම්බන්ධවත් ඇතැම් දෙනා තුළ විවිධ මත පවතිනවා.
ලේබලය අලවා ඇත්තේ ඇපල් ගෙඩියට රසායන ද්‍රව්‍ය එන්නත් කළ ස්ථානයට කියා
පවසනවා. නමුත් ඇපල් ගෙඩියකට එසේ රසායන ද්‍රව්‍ය එන්නත් කරන්න බැහැ. ලේබලය
අලවා ඇත්තේ එම ඇපල් ගෙඩිය අලෙවි කරන සමාගමේ විස්තර සටහන් කිරීමටයි. මෙය
ජාත්‍යන්තර පිළිගත් නීතියකි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks